Wednesday 24 March 2010

CIM - වරළත් අලෙවිකරණ ආයතනය

CIMA ගැන කතාකරමින් සිටින අතරතුර CIM ගැන කතා කරන්න සිතුනේ කළමනාකරණය සහ ගණකාධිකරණයට මෙන්ම අලෙවිකරණයට ද බොහෝ පිරිසක් ඇලුම් කරන නිසාය. 

වරළත් අලෙවිකරණ ආයතනය - හැඳින්වීම

CIM යනු ලෝකයේ අලෙවිකරණයට ඇති විශාලතම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ප්‍රථම අන්තර්ජාතික ශාඛාව වන ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන ලද්දේ 1995 ඔක්තෝම්බර් 20 වෙනි දාය. ශ්‍රී ලංකාව තුල දැනට 3000ක් පමන සිසුන් ප්‍රමානයක් අධ්‍යාපනය හදාරන අතර 1000ක් පමන සාමාජිකයන් සංඛ්‍යාවක් සිටී. CIM - ශ්‍රී ලංකා ශාඛාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.cim.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

Monday 22 March 2010

CIMA නිළ සහකරුවන් - 2010















ඉහත සමාගම් වරලත් කළමනාකරණ හා ගණකාධිකරන ආයතනයේ - CIMA , 2010 වර්ශය සඳහා නිළ සහකරුවන් ලෙස තෝරා ගෙන ඇත.
CIMA හි නිළ සහකරුවන් පිළිබඳ සම්පූර් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) - 3 වන කොටස

මෙම කොටසින් CIMA හි අධ්‍යයන අදියරයන් සහ එම එක් එක් අදියරය සඳහා වැය වන වියදම් සම්බන්දයෙන් කතා කිරීම බලාපොරොත්තු වේ.... මේ එහි පලමුවන කොටසයි.

CIMA හි අධ්‍යයන අදියරයන්.

CIMA ගැන මූලික හැඳින්වීමක් ලබා දුන් නිසා නිසා CIMA හි ඇති අදියරයන් ගැන ඔබට දැනුවත් භාවයක් ලබා දීමට මෙයින් උත්සාහ කරමි. CIMA හි සම්පූර්න වශයෙන් අදියරයන් 5ක් තිබේ. මෙම අදියරයන් පහත පරිදි වේ.

          1) Foundation Level
          2) Operational Level
          3) Management Level
          4) Strategic Level
          5) TOP CIMA 

CIMA - Foundation Level හි විෂයන් 5ක් තිබේ. මෙම විෂයන් 5ම පරිගණකය භාවිතයෙන් ලබාදෙන ප්‍රශ්ණ පත්‍රයකින් විභාගයට ලක් කරනු ලබයි. මෙම විභාගය අයදුම්කරු කැමති දිනක යොදා ගැනීමට හැකියාව ඇත. එමෙන්ම මෙම අදියරේ ඇති විෂයන් 5ම එක වර කිරීමටද අවශ්‍ය නැත. එනම් එක් විෂයක් එක් වතාවකදී බැගින් 5 වතාවකදී වුවද මෙම අදියර සම්පූර්ණ කිරීම හැකියාව ඇත. ශ්‍රී ලංකාව තුල මෙවැනි විභාග මධ්‍යස්ථාන කොළඹ, නුවර සහ කුරුණෑගල යන නගර වල ඇත. පහත දැක්වෙන්නේ මෙම අදියරේදී අධ්‍යයනය කල යුතු විෂයන් 5යි.

               1) Fundamentals of Management Accounting
          2) Fundamentals of Financial Accounting
          3) Fundamentals of Business Law
          4) Fundamentals of Business Economics
          5) Fundamentals of Business Mathematics 

මෙම එක් විෂයක් සඳහා විභාග ගාස්තු වශයෙන් වර්ථමානයේ පවුම් 40 ක මුදලක් වැය වන අතර මෙම අදියරයේ පංති ගාස්තු විවිධ ආයතන විවිධ ගාස්තු අය කෙරේ. (සාමාන්‍යයෙන් රුපියල් 25,000 සිට රුපියල් 70,000 දක්වා.) මෙම අදියරයේ පංති පවත්වන ප්‍රසිද්ධ ආයතන ලෙස Wisdom, Achievers Lanka Business School, Mercury හැඳින්විය හැකිය.

අනෙකුත් අදියරයන් පිලිබඳ විස්තර පසු ලිපි වලින් බලාපොරොත්තු වන්න......

Sunday 21 March 2010

වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) - 2 වන කොටස



CIMA ආරම්භ කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම්.

CIMA ආරම්භ කිරීමට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ කිරීම සහ ශ්‍රී ලංකා හෝ එංගලන්ත සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම පමණය. මෙම සුදුසුකම සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට CIMA ආරම්භ කිරීමට හැකිය.