Saturday 16 January 2010

වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) - 1 වන කොටස

ප්‍රෝ යු බ්ලොග් අඩවියේ පලමු ලිපිය ලෙස මෙම ලිපිය ලියන්නේ ඉමහත් සතුටකිනි. මෙම ලිපියෙන් ඔබට ලෝකයේ විශාලතම වෘත්තීය ආයතනය වන වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) ගැන අවබෝධයක් ලබා දීමට උත්සාහ කරමි.


හැඳින්වීම

කළමනාකරණ ගණකාධිකරණ ශ්‍රේෂ්ත්‍රයේ ලොව විශාලතම වෘත්තීය ආයතනය ලෙස වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය හැඳින්විය හැකිය. වර්ථමානය වන විට මෙහි සාමාජිකයින් හා සිසුන් 172000  ලොව පුරා රටවල් 165 පමණ සිටී. මීට අවුරුදු 90 කට පමණ ආරම්භ කළ මෙම ආයතනය දැනට රටවල් 26 ක තම මෙහෙයුම් කාර්යාල පවත්වාගෙන යනු ලබයි. ඒ වගේම මෙහි දෙවෙනි විශාලතම මෙහෙයුම් මධ්‍යස්තානය ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරනු ලබයි.



වෘත්තීය සුදුසුකමක් ලෙස ‍CIMA තෝරා ගැනීමට හේතු වන කරුණු :

1. CIMA කළමනාකරණ ගණකාධිකරණ ශ්‍රේෂ්ත්‍රයේ ලොව විශාලතම වෘත්තීය ආයතනය වීම.


2. CIMA සුදුසුකම ලොව ප්‍රධාන පෙළේ ආයතන වල නිළ අධ්‍යාපන සහ වෘත්තීය සහකරු වීම.


3. අවුරුදු 2 1/2 වැනි කාලයක් තුල ඉහල පෙළේ සුදුසුකමක් ලබා ගැනීමට හැකි වීම.


4. CIMA ලොව ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල වල උපධිය සඳහා අතුලුවීමේ සුදුසුකමක් ලෙස සැලකීම.


5. CIMAසාමාජිකයින්ට ඉහළ වැ‍ටුප් තලවල ‍රැකියා තිබීම.


මම ගැන


නම :- දසිත් දීලක
වයස : - අවුරුදු 19
පාසැල :- මලියදේව විද්‍යාලය, කුරුණෑගල

දුරකථනය :- 0719437619
ඊ-මේල් :- ddeelaka [at] gmail.com

ආයුබෝවන්


වෘත්තීය අධ්‍යාපනය යනු අද අප රටේ සෑම සිසුවෙකුටම හා ‍රැකියාවක් සොයන සෑම තරුණ තරුණියකටම පාහේ තිබන විශාල ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට මම සිතුවෙමි. නුදුරු අනාගතයේදී වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් කැමැත්තක් දක්වන සෑම සියලු දෙනාටම වැදගත් වන තොරතුරු විශාල ප්‍රමාණයක් මෙහි පල කිරීමට මම අදහස් කරමි.