Monday 22 March 2010

වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) - 3 වන කොටස

මෙම කොටසින් CIMA හි අධ්‍යයන අදියරයන් සහ එම එක් එක් අදියරය සඳහා වැය වන වියදම් සම්බන්දයෙන් කතා කිරීම බලාපොරොත්තු වේ.... මේ එහි පලමුවන කොටසයි.

CIMA හි අධ්‍යයන අදියරයන්.

CIMA ගැන මූලික හැඳින්වීමක් ලබා දුන් නිසා නිසා CIMA හි ඇති අදියරයන් ගැන ඔබට දැනුවත් භාවයක් ලබා දීමට මෙයින් උත්සාහ කරමි. CIMA හි සම්පූර්න වශයෙන් අදියරයන් 5ක් තිබේ. මෙම අදියරයන් පහත පරිදි වේ.

          1) Foundation Level
          2) Operational Level
          3) Management Level
          4) Strategic Level
          5) TOP CIMA 

CIMA - Foundation Level හි විෂයන් 5ක් තිබේ. මෙම විෂයන් 5ම පරිගණකය භාවිතයෙන් ලබාදෙන ප්‍රශ්ණ පත්‍රයකින් විභාගයට ලක් කරනු ලබයි. මෙම විභාගය අයදුම්කරු කැමති දිනක යොදා ගැනීමට හැකියාව ඇත. එමෙන්ම මෙම අදියරේ ඇති විෂයන් 5ම එක වර කිරීමටද අවශ්‍ය නැත. එනම් එක් විෂයක් එක් වතාවකදී බැගින් 5 වතාවකදී වුවද මෙම අදියර සම්පූර්ණ කිරීම හැකියාව ඇත. ශ්‍රී ලංකාව තුල මෙවැනි විභාග මධ්‍යස්ථාන කොළඹ, නුවර සහ කුරුණෑගල යන නගර වල ඇත. පහත දැක්වෙන්නේ මෙම අදියරේදී අධ්‍යයනය කල යුතු විෂයන් 5යි.

               1) Fundamentals of Management Accounting
          2) Fundamentals of Financial Accounting
          3) Fundamentals of Business Law
          4) Fundamentals of Business Economics
          5) Fundamentals of Business Mathematics 

මෙම එක් විෂයක් සඳහා විභාග ගාස්තු වශයෙන් වර්ථමානයේ පවුම් 40 ක මුදලක් වැය වන අතර මෙම අදියරයේ පංති ගාස්තු විවිධ ආයතන විවිධ ගාස්තු අය කෙරේ. (සාමාන්‍යයෙන් රුපියල් 25,000 සිට රුපියල් 70,000 දක්වා.) මෙම අදියරයේ පංති පවත්වන ප්‍රසිද්ධ ආයතන ලෙස Wisdom, Achievers Lanka Business School, Mercury හැඳින්විය හැකිය.

අනෙකුත් අදියරයන් පිලිබඳ විස්තර පසු ලිපි වලින් බලාපොරොත්තු වන්න......

3 comments:

  1. මල්ලි CIMA වලට කඩේ යනවා වගේ. MSc එකට ආචාර්ය උපාධිය කියන්න ඔයාට වගේ CIMA එකට වත් එංගලන්තෙටවත් පිස්සු නෑ මං හිතන්නේ. දෙයක් ලියන කොට හොයලා බලලා අදාල මූලාශ්රMය එක්ක ලියන්න පුරුදු වෙන්න. තව දෙයක් ලංකාවේ CMA කියලා එකක් තියෙන බවත් ඒකෙ තියෙන මට්ටමයි පිළිගැනීමයි CIMA වලට බොහෝ දුරට සමාන බවත් නොකියා ඉන්නේ මොකද CMA වලට CIMA බය වුණා වගේ ඔයත් බය වෙලා ද?

    ReplyDelete
  2. M.Sc එකට ආචාර්ය උපාධිය ලෙස සඳහන් කිරීම පිළිබඳව පෙන්වා දීම ගැන අයියාට බොහොම ඉස්තූතියි. ඒත් මමනම් කවදාවත් හිතන්නෑ CMA CIMA වලට සමාන වෙයි කියලා. ඒක එහෙම වෙන්න විදිහකුත් නෑ.

    Thanks thejan ayiya for your comment.....

    ReplyDelete
  3. Can I have some more info abt CIMA

    ReplyDelete